පුවත්

කොටහේන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Published

on

පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කලේය.

කොටහේන පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු අද (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

මෙම සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවත් ඔහු රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය.

කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ මෙම සැකකරු පදිංචිව සිටි අතර මෙම සැකකරු කොටහේන ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන්ට ආයුධය ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

Trending

Exit mobile version