පුවත්

කොට්ටහච්චි ට අපහාසාත්මක පෝස්ට් දැමූ හිටපු මන්ත්‍රීට ඇප (Update)

Published

on

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ට අපහාසාත්මක වන ආකාරයේ සමාජ මාධ්‍ය සටහනක් පළ කළ බවට පැවසෙන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබේ.

අද (03)  දිනයේදී අත්අඩංගුවට ගැනුනු සැකකරු, පසුව කොළඹ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔහුව රු. ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

———————————————

(පෙර පුවත : 2025 ජනවාරි 03 ප.ව. 12:12)

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Trending

Exit mobile version