පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම වෙන්වෙයි

Published

on



කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ පුවතක් වාර්තා වේ.

කොස්ගම – වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් වූ මෙම දුම්රිය එම අවස්ථාවේදී මගීන්ගෙන් පිරී තිබූ බවද සඳහන්ය.

අනතුරුව දුම්රිය රියදුරු සහ සහයක එක්ව යළිත් දුම්රිය ඇන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර තිබේ.

Trending

Exit mobile version