කොටුව දුම්රිය ස්ථානයේ මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබේ.
ඒ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි.
ඒ අනුව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද මෙලෙස ප්රමාද වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවය.