පුවත්

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන සැලැසුමක් හෙළිවෙලා

Published

on

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධව ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇත.

අධිකරණයට පැමිණි පුද්ගලයකු විසින් මහෙස්ත්‍රාත්වරයා ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ලිඛිතව ලබාදුන් තොරතුරක් මහෙස්ත්‍රාත්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට හා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව කඩිනම් විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

කොටුව මහෙස්ත්‍රාත්වරයා ඝාතනය සඳහා දුරකථන මාර්ගයෙන් ගිනි අවියක් ඉල්ලා ඇතැයි තොරතුරු දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත මහෙස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නියෝග පොලිස්පතිවරයා විසින් ලබාදී තිබේ.

Trending

Exit mobile version