ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබේ.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතා ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත එම පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කලේය.
නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි.