Connect with us

පුවත්

කොල්ලුපිටියේ ගණිකා නිවාසයකින් රට කතුන් 5ක් අල්ලයි

Published

on

කොල්ලුපිටිය මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (13) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර වයස අවුරුදු 30, 35 සහ 38 යන වයස්වල පසුවන විදෙස් ජාතික කාන්තාවන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටී.

සැකකාරියන් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

සේමිණිට ඇප

Published

on

By

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පීණී සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (11) නියෝග කළේය.

අර්ථසාධක නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කළ විමර්ශනයන්ට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාරියට අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු අනුව වැලිකඩ පොලීසිය මගින් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.

කොළඹ අධිකරණයේ,මාතර හා තංගල්ල අධිකරණවල විමර්ශනයන්ට අනුව මෙම වරෙන්තු සැකකාරියට එරෙහිව නිකුත් කර තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved