ගාලුමුවදොර වටරවුම අසලදී පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
කොල්ලූපිටි පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ගාලුමුවදොර වටරවුම අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ සැකකරු නිලධාරියාගේ ගෙල වටා අත දමා හුස්ම ගැනීමට අපහසු වන පරිදි ගෙල සිරකර ඇතැයි පොලිසිය කියයි.
ඒ දුටු අවට ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්රහණයෙන් නිලධාරියා මුදාගෙන අනතුරුව සැකකරු පොලිසිය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඔහුගේ මනස විකෘති වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
දේවාලපොල ,බලබෝව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු සාපරාදී බලහත්කාර පෑම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(අරුණ)