ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක හෙට (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව හේතුවෙනි.
බම්බලපිටිය බෝරා ප්‍රජාවගේ දේවස්ථානයේ සහ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව හෙට සිට 16 වැනිදා දක්වා පැවැත්වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවය.