Connect with us

පුවත්

කොළඹ ගං වතුර අඩු කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Published

on

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ අනුව, ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7 යටතේ කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා  නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාත්ක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක  ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීම සිදු කිරීමට නියමිතයි.

ඒ අතරින්, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ  ව්‍යාපෘති 02 මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ කොළඹ ප්‍රධාන ඇල මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295ක් බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පෙන්වා දෙයි.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved