පුවත්

කොළඹ – බදුල්ල දුම්රිය ගමන මේ වසරේ ලොව හොඳම දුම්රිය ගමනාන්ත අතරට

Published

on

ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත කර තිබේ.

මෙම පිළිගැනීම, මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එය සංචාරකයන්ට ලබාදෙන විශිෂ්ඨ සංස්කෘතික අත්දැකීම ඉස්මතු කරනු ලබන අතර කොළඹ සිට බදුල්ල දක්වා කිලෝමීටර් 290 කට වැඩි දුරක් විහිදෙන මෙම ගමන හරිත තේ වතු, මීදුමෙන් වැසීගිය කඳු සහ මනරම් දිය ඇලි වල විශ්මයජනක දසුන් සඳහා ලෝකයේ වඩාත්ම දර්ශනීය දුම්රිය ගමනක් ලෙස බොහෝවිට විස්තර කෙරෙන මෙම සංචාරය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ විවිධ භූ දර්ශන සහ පොහොසත් උරුමයන් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.

ලෝන්ලි ප්ලැනට් සම්මානය ශ්‍රී ලංකාව නැරඹිය යුතුම ගමනාන්තයක් ලෙස වර්ධනය වන ආකර්ෂණයට සාක්ෂියක් සපයන අතර කොළඹ-බදුල්ල දුම්රිය ගමන, බොහෝ විට සංචාරකයන් විසින් ඇල්ල ඔඩිසි(Ella Odyssey) ලෙස හඳුන්වනු ලබන අතර, ඇල්ල, නානුඔය, සහ හපුතලේ වැනි දුම්රිය ස්ථානවල ඇති සුවිශේෂී නැවතුම් සඳහා විශේෂයෙන් ජනප්‍රියත්වය හිමිකරගෙන තිබේ.

Lonely Planet යනු ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශකයන්ගෙන් එකක් වන අතර, එහි විශේෂඥ සංචාරක උපදෙස් සහ ප්‍රබෝධමත් සංචාරක අන්තර්ගතයන් සඳහා ප්‍රසිද්ද අතර සෑම වසරකම, Lonely Planet  අමතක නොවන වික්‍රමාන්විතයන් පිරිනැමීමට පොරොන්දු වන ඉහළම සංචාරක අත්දැකීම්, ගමනාන්ත සහ ආකර්ෂණීය ස්ථාන ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරනු ලබයි .

Trending

Exit mobile version