Connect with us

පුවත්

කොළඹ සරසවිය ලොව හොඳම සරසවි දහස ඇතුළට

Published

on

මේ වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට කොළඹ විශ්වවිද්‍යාලය තේරී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අංක එක ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලය තේරී පත්ව තිබෙන අතර මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ විශ්වවිද්‍යාලය මෙසේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය 951-1000 ස්ථානයට පැමිණ තිබේ. මින් පෙර වසරේදී කොළඹ විශ්විවිද්‍යාලය පැවැතියේ 1001ත් 1200ත් අතරය.

මීට අමතරව පසුගිය වසරේදී ලැයිස්තුවට ඇතුළත් නොවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර 1201-1400ත් අතරට පැමිණ තිබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ පැවැති 1201-1400ත් අතර ස්ථානයේ මෙවරත් රැඳී සිටියි.

මෙම වර්ගීකරණය මේ මාසයේදී සිදු කර තිබෙන නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් 14,000කට අධික සංඛ්‍යාවක් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රහණය සමස්ත සිසුන්ගේ, අධ්‍යයන අනධ්‍යයන සියලු සේවකයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවට උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

පුවත්

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Published

on

By

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය  පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

ආර්ථික සංගණනයක්

Published

on

By

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved