කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන්මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට කිරීම 70%කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ආර්ථික අර්බුදය, දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්‍රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල යනාදී කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවය.
මේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඇල්මැරුණු තත්වයක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කලේය.
මේ අතර, අධික වියදම් හේතුවෙන් අපේක්ෂකයන් පෞද්ගලිකව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියදම් කිරීමද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීමද දෙගුණයකින් පමණ අඩුවී ඇති බවත්, බොහෝ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇති බව පෙනී යන බවත් ඔහු සඳහන් කලේය.
මේ අතර, මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000න් සෘජුව ප්‍රචාරක කටයුතුවලට යොමු වී සිටින්නේ 7000කට ආසන්න පිරිසක් පමණක් බව පෙනී යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.