පුවත්

කෝටියක් වටිනා අයිස් තොගයක් සමඟ පුද්ගලයෙකු දැලේ

Published

on

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 150,00කට අධික මුදලක්, ජංගම දුරකථනයක් හා විද්‍යුත් තරදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version