Connect with us

පුවත්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අක්‍රමිකතා ගැන COPE අවධානයට

Published

on

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන්  2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන. 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන කෙරිණි.

සංස්ථාවේ නිලධාරීන් මෙවන් වංචා සිදු කිරීම පිළිබඳව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී. තවද, මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර  නිලධාරින් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසන ලදී.

එසේම එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයතා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

තවද, බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

නිලධාරින් විසින් සිදු කර ඇති මෙම ගෙවීම හේතුවෙන් මේ වන විට පාරිභෝගිකයා විසින් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5.85ක්ද, 95 පෙට්‍රල් ලීටරයට සඳහා රුපියල් 7.50ක්ද, ළ්Eඪ් සඳහා රුපියල් 5.88ක්ද, ළ්Sඪ් සඳහා රුපියල් 6.96 ක මුදලක් ද වැඩිපුර ගෙවන බව මෙහිදී තවදුරටත් අනාවරණය විය.

එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා සිටින ලදී. ඒ අනුව, මෙම වැඩිපුර ගෙවීම් අයකර ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විමසන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්
මේ වන විට මෙරට නොමැති බව මෙහිදී අනාවරණය විය.

මෙවැනි මුල්‍ය වංචාවක් සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ සහ ගරු ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, යූ කේ සුමිත් උඩුකුඹුර, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්.රාමේෂ්වරන් සහ  මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved