Connect with us

පුවත්

ගංජා වගාවට යෝජනා කැඳවයි

Published

on

අපනයනට වෙළඳාම අරමුණු කරගනිමින් ගංජා වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ.

අපනයන අරමුණු කරගනිමින් ගංජා වගාව මත පදනම් වූ ඖෂධ හා ඒ ආශ්‍රිත නිශ්පාදන සඳහා ලෝකයේ පවතින ඉල්ලුම සැළකිල්ලට ගෙන මෙම ව්‍යාපෘති යෝජනා කැඳවන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාතයාංශය පවසයි

මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශය පථයට අයත් බවත් මෙම වගාව හා නිෂ්පාදන කටයුතු අධීක්ෂනය මෙන්ම ඒ හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම නියාමනය කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් සඳහන්ය.

ව්‍යාපෘති යෝජනා සලකා බැලීමෙන් පසු අදාල නිර්ණායක සපුරන ආයෝජකයන්ට ගංජා වගාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ව්‍යාපෘති සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිත බවත් සඳහන් වේ.

මෙම ව්‍යාපෘති යෝජනා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ඇගයීම් දෙපාර්තමේන්තුව වෙත ජුලි 10 දක්වා බාරගන්නා බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

පුවත්

යුනෙස්කෝ අධ්‍යක්ෂවරිය ලංකාවට පැමිණෙයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16)  අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැමිණියාය.

අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ පැමිණ තිබේ.

ඔවුන් අද (16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

සබැඳි පුවත්

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ සංචාරයක

Continue Reading

පුවත්

ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරයි

Published

on

By

 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

ඒ,  ඊයේ (15) විස්කොන්සි ප්‍රාන්තයේ මිල්වෞකි නගරයේ ආරම්භ වූ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීය.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් විය.

දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කෙරුණි.

අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර ඇත.

Continue Reading

පුවත්

හොරු අල්ලන බව කී අනුරගේ ෆයිල් 400න් 360ක්ම හිස් බව රනිල් කියයි

Published

on

By

තමන් බලයට පත්වූ පසු රටේ හොරුන් අල්ලන බවට ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපි ගොනු පෙන්වා සිදුකර ඇත්තේ රංගනයක් බවත් එම ලිපි ගොනු බොහෝ ප්‍රමාණයක් හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

නීතීඥවරු පිරිසක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව කියා ඇතැයි වාර්තා වේ.

අනුර කුමාර ෆයිල් 400ක් පෙන්වා හොරු අල්ලන බව කී නමුත් එම ෆයිල් 400න් 40කට නඩු පැවරූ බවත් ඉතුරු ලිපි ගොනු 360ක් හිස් බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.

ජනාධිපතිවරයා එහිදි අදහස් දක්වමින් අනුර කුමාරට ලිපි ගොනු 400ක් පෙන්වීමට වඩා කළ යුතු වන්නේ ලිපිගොනු 40ක් පෙන්වීම බව පවසා තිබේ.

තමන් දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තමන් යෝජනා කරන බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා ඇත.

මූලාශ්‍රය – මොනරා

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved