පුවත්

ගංවතුර පාලන සැලසුම් සල්ලි නැතුව නැවැතිලා

Published

on

ශ්‍රී ලංකාවේ ගංගා ආශ්‍රිත ගංවතුර නිම්න වල පවුල් කොපමණ ප්‍රමාණයක් පදිංචි වී සිටී දැයි දැන ගැනීමට නිශ්චිත සංගණනයක් මෙතෙක් කිසිදු ආයතනයක් විසින් සිදුකර නැතැයි අනාවරණය වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගූගල් සිතියම් ආශ්‍රයෙන් ගංගා නිම්න වල පදිංචි පවුල් පිළිබදව දළ සමීක්ෂණයක් සිදු කළද එය මෙතෙක් අවසන්ව නැති අතර එම සමීක්ෂණයට අනුව,මෙරට ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවුල් පනස් දහසක් (50,000) පමණ පදිංචිව සිටින බව හෙලි වී ඇත.

එමෙන්ම නිල්වලා, කළු, ගිං, කැලණි යන ගංගා සහ මහ ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව එකවර ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් මාර්ග ආදිය ජලයෙන් යටවන බැවින් පවුල් ලක්ෂයක් පමණ දළ වශයෙන් කොටුවන බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.

ගංවතුර පාලනය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව යම් යම් ව්‍යාපෘති පැවැතියත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා  මුදල් ප්‍රතිපාදන නොමැතිවීම මත ගැටලුකාරී තත්ත්වයන් උද්ගතව තිබේ.

Trending

Exit mobile version