මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීවට අයත් බව පැවසෙන ගිනි අවියක් හා ජීව උණ්ඩ වත්තල පිහිටි ජනප්‍රිය පාසැලකින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම පාසැලේ ක්‍රිකට් පුහුණුකරුගේ පාසැලේ පිහිටි ක්‍රීඩා කාමරයෙන් ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 04ක් හා ජීව උණ්ඩ මෙලෙස සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.