පුවත්

ගනේමුල්ල සංජීවගේ ගෙට වෙඩි තැබූ අයගේ ෆොටෝ පිටවෙයි

Published

on

දැනට රටන් සැඟවී පලාගොස් විදේශයක සිට පාතාලය මෙහෙයවනු ලබන ගණේමුල්ලේ සංජීව නැමැත්තාග‌ේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට ඊයේ (25) අළුයම නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා තිබිණි.

මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ඔහු අත් අඩංගුවටගෙන ඇති බවට පැතිර ගිය ආරංචිය සැලවීමත් සමඟ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පැවසේ.

මේ වෙඩි ප්‍රහාරය ටී 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් එල්ල වී ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි. 

නිවසට වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට ගණේමුල්ල සංජීවගේ බිරිඳ, දියණිය, ඔහුගේ සහෝදරියක් සහ මව්පියන් නිවසේ සිට ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.

මෙම වෙඩි තැබීම සම්බන්ධව සංජීවගේ බිරිය ඊය‌ේ (25) උදෑසන 11ට පමණ නීතීඥවරයෙකු ද සමඟ පැමිණ පැමිණිලි කළ බව ගනේමුල්ල පොලීසිය කියයි.

මේ වෙඩි තැබීම බොහෝවිට කෙහෙල්බද්දර පද්මේගේ පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකෙරේ.

Trending

Exit mobile version