Connect with us

පුවත්

ගම්පහ හරක් හොරු වැඩි වෙයි!

Published

on

ගම්පහ දිස්ත්‍රික්කයේ  අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු කියති.

මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා දෙන එලදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී ඇති බව ද කෘෂි අංශ බලධාරිහු පවසති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරින්ගේ සාකච්ඡාවක දී බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම සම්බන්ධව පළාත් කෘෂි අංශ බලධාරිහු කරුණු ඉදිරිපත් කළේය.

විශේෂයෙන් සුඛොපබෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය. 

මේ අන්දමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරිහු අවධාරණය කළේය.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පති තුමාටත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේ දී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි අංශ බලධාරින් ප්‍රකාශ කළේය.

ගවපාලනයේ නිරතව සිටින කිරිගොවීන් මේ වනවිට ගවයින්ගේ ආරක්ෂාව උදෙසා ඇතැම් ගවගාල්වලට විශාල මුදලක් වැය කර සීසී ටීවී කැමරා පවා සවි කර ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved