ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.
මෙහි ගමන්ගෙන ඇත්තේ මිල්ලගහමුල ප්රදේශයේ පවුලකි. (සැමියා, බිරිඳ හා දරුවන්)
ඒ ආසන්නයේ තිබූ ඉන්ධන හලකින් ඉන්ධන ද ලබාගෙන මීටර් 50ක් පමණ ඉදිරියට යමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර අවට පිරිස් එක්ව එම ගින්න මැඬලීමට උත්සහ ගත්තද ත්රීරෝද රථය සම්පූර්ණයෙන් දැවී විනාශ ඇත.
ගම්පොල නගර සභාව තුල හෝ ගිනි නිවීමේ ඒකකයක් නොවීම නිසා මේ ගින්න මැඩ පැවැත්වීම අසීරුවී තිබේ.
පසුගිය මාස කීපය තුළ පමණක් මෙම මාර්ගයේ මේ ආකාරයට ත්රීරෝද රථ 5ක් පමණ ගිනිගෙන ඇති බවද වාර්තා වේ.