පසුගිය කාලයේදි මෙරට ක්‍රියාත්මක වී තිබෙන වංචා, දූෂණ, ඝාතන මෙන්ම දේශපාලන වැරදි කොතරම් බරපතළ ද යන කාරණය ඉස්මතු වෙමින් තිබෙන අවස්ථාවක ගම්මන්පිල, පිල්ලෙයාන්ගේ නීතිඥයා බවට පත්ව සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සිදුව තිබෙන ඇතැම් ඝාතන හුදු දේශපාලන ඝාතන නොව කුමන්ත්‍රණ බවත් එම පැටලුණු නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසුවේය.
“අල්ලස් කොමිසම යළි සක්‍රිය වී තිබෙනවා. පසුගිය කාලයේ යට ගිහින් තිබූ ෆයිල් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. නඩු පැවරීම් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමර්ශන වේගවත් කර තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිචෝදනා ගොනු කෙරෙනවා. මේ ආකාරයට නීතිය පැත්තෙන් කළ යුතු වැඩකටයුතු ඊට සම්බන්ධ ආයතන මඟීන් සිදු කරනවා. රජය කරන්නේ ඒ ආයතනවලට අවශ්‍යය පහසුකම් සැලසීම පමණයි.
වංචා, දූෂණ, ඝාතන මෙන්ම දේශපාලන වැරදි මොනතරම් බරපතළ ද කියනවා නම් මේවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ජාලයක් ලෙසයි. අද පිල්ලෙයාන්ගේ නීතිඥයා බවට පත්ව සිටින්නේ ගම්මන්පිලයි.
ගම්මන්පිල නඩු කතා කරනවා අපේ රටේ ජනතාව දැක්කේ නැහැ. නමුත් පිල්ලෙයාන් තමන්ගේ නීතිඥයා විදිහට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලවයි. ඒ වගේම ගම්මන්පිල බාරගෙන තිබෙන්නේ පිල්ලෙයාන්ගේ නඩුවක්.
අපිට පේනවා මේවා නිකංම නිකං දේශපාලන ඝාතන නෙවෙයි කුමන්ත්‍රණ බව. ඒවායේ නූල් බෝලය තමයි මේ ලිහෙමින් පවතින්නේ…..”