පුවත්

ග්‍රෑන්ඩ් හයිට් හෝටලේ ඉතුරු ටික රජයේ මුදලින්

Published

on

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත්, ඊට රජය මැදිහත්ව ඉදිකිරීම් සිදුකරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා.කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.”

Trending

Exit mobile version