Connect with us

පුවත්

ගාල්තැන්නේ කපුවා ළඟ බඩ්කළ මොන්ටෙරෝවක්

Published

on

අම්පිටිය ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය ඊයේ (06) සොයාගෙන තිබේ.

මෙම වාහන අංගනයේ මොන්ටේරෝ හා ප්‍රාඩෝ ජීප් රථ ද ඩිෆෙන්ඩර් හා කාර් රථ ද ඇතුළු වාහන 12 ක් තිබෙන බවත් එම වාහනවල අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවත් පොලිසිය පවසයි.

පොලිසිය භාරයට ඊයේ (06) ගනු ලැබූ ජීප් රථයේ සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට යොමුකර සිදුකළ විමර්ශනයේ දී එම අංකයට නිත්‍යානුකූලව ලියාපදිංචි කළ මෝටර් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සතුව තිබෙන බව හෙළිව ඇත.

පොලිසිය ඔවුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (06) පස්වරුවේ ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වූ වාහන අංගනයේ තිබී අදාළ මොන්ටේරෝ වර්ගයෙ ජීප් රථය පොලිසිය භාරයට ගෙන තිබේ.

දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබිය දී තෙල්දෙණිය පොලිසිය විසින් මෙයට පෙර සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පාවිච්චි කර තිබෙන බව අනාවරණය වීමෙන් පසු පොලිසිය පසුගියදා (02) ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සබැඳි පුවත්

පුවත්

තංගල්ලේ මාරක රිය අනතුරක්

Published

on

By

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අද (24) අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

Continue Reading

පුවත්

නුවරඑළියේ බස් රථයක් පෙරළී අනතුරක්

Published

on

By

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. 

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවය.

ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ.

ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත. 

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved