අම්පිටිය ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය ඊයේ (06) සොයාගෙන තිබේ.
මෙම වාහන අංගනයේ මොන්ටේරෝ හා ප්‍රාඩෝ ජීප් රථ ද ඩිෆෙන්ඩර් හා කාර් රථ ද ඇතුළු වාහන 12 ක් තිබෙන බවත් එම වාහනවල අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවත් පොලිසිය පවසයි.
පොලිසිය භාරයට ඊයේ (06) ගනු ලැබූ ජීප් රථයේ සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට යොමුකර සිදුකළ විමර්ශනයේ දී එම අංකයට නිත්‍යානුකූලව ලියාපදිංචි කළ මෝටර් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සතුව තිබෙන බව හෙළිව ඇත.
පොලිසිය ඔවුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (06) පස්වරුවේ ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වූ වාහන අංගනයේ තිබී අදාළ මොන්ටේරෝ වර්ගයෙ ජීප් රථය පොලිසිය භාරයට ගෙන තිබේ.
දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබිය දී තෙල්දෙණිය පොලිසිය විසින් මෙයට පෙර සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පාවිච්චි කර තිබෙන බව අනාවරණය වීමෙන් පසු පොලිසිය පසුගියදා (02) ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සබැඳි පුවත්