පුවත්

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කරයි

Published

on

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක පැවසුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් උණ රෝගය හේතුවෙන් මියගිය බව තහවුරු වීම නිසා සෞඛ්‍ය නිර්දේශ අනුව එම බන්ධනාගාරයේ කටයුතු සීමා කළ බවයි.

ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇත.

රැදවියන් අමුත්තන්ට පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version