සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (One Way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය කර තිබේ.
මෙම මං තීරු නීතිය නිසා නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රීරෝදරථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු, ව්‍යාපාරිකයින් ඇතුලු මහජනතාව ඉකුත් දිනවල චෝදනා එල්ල කලේය.
එල්ල වූ ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද එම කමිටුව පවසයි.
ඒ අනුව අද සිට ගාලු කොටුව තුළට පැරණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කලේය.