පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගිනිකෙලි අනතුරු අවම වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් ප්‍රකාශ කරන ලදී.
ඔහු පවසන්නේ මෙවර කොළඹ ජාතික රෝහලේ ගිනි කෙළි අනතුරු හේතුවෙන් කිසිදු ඇතුලත්වීමක් සිදුව නොමැති බවයි.
නමුත් සුළු තුවාල ලැබූවන් තිදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් පවසන ලදී.
එමෙන්ම මෙම වසරේ බීමත්කම හේතුවෙන් සිදුවන අනතුරුද කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.