පුවත්

ගුවන් යානයක් තුළදී ලාංකික කාන්තාවක් මියයයි

Published

on

දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කටාර් එයාර්වේස් ගුවන් සමාගමට අයත් අදාළ යානයේ සිටි එම කාන්තාව රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් යානය ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත හදිසි ගොඩබැස්සවීමකට ද ලක් කළ බව වාර්තා වේ.

සිදුකළ පූර්ව දැනුම්දීම්වලට අනුව වෛද්‍ය කණ්ඩායම් ද ගුවන්තොටුපොළ වෙත කැඳවා තිබූ නමුත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රංශයේ රැදී සිටි 81 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි.

ප්‍රංශ ජාතිකයෙකු වන ඇයගේ පුත්‍රයාට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට අර්බිල්හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කටයුතු කර තිබුණි.

මළ සිරුර ප්‍රංශය වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතය.

Trending

Exit mobile version