පුවත්

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

Published

on

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  එවක  අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.

තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධ ආයතන කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් පරිපාලනය කළ අයුරු සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ද, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගෙන ප්‍රකාශයට පත් කරන ලෙස පාඨලී වම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version