ගොවීන් සඳහා නව විශ්රාම වැටුප් යෝජනා ක්රමයක් අද (31) සිට ආරම්භ වන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, ගොවීන් වෙනුවෙන් ක්රියාත්මක වූ විශ්රාම වැටුප් යෝජනා ක්රමයට සාමාජිකයින් බඳවා ගැනීම 2010 වසරේ සිට අත්හිටුවා තිබූ බවය.