පුවත්

චාල්ස්ගේ අස්වීම ජනපති රනිල් පිළිගනියි!

Published

on

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේය.

චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාට යොමුකර තිබූ බවත් එය ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පිළිගෙන නැති බවත් අනාවරණය වී තිබිණ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇත.

Trending

Exit mobile version