Connect with us

පුවත්

චාල්ස්ට එඩ්වඩ් රජුගේ කිරුළ; කැමිලාට මේරි රැජිනගේ කිරුළ

Published

on

පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ  චාල්ස් රජුගේ රාජාභිෂේකය අදට (06) යෙදී තිබේ.

ඒ් අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී 74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු අද ඔටුනු පැළඳීමට නියමිත වේ.

වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ චාල්ස් කුමාරයා, 1066 වසරෙන් පසු එම දෙව් මැදුරේ ඔටුනු පළඳින 40 වැනි රජු බවට පත්වීවී ද විශේෂිතය.

මෙවර රාජාභිෂේක මංගල්‍යයට රජ පවුලේ සාමාජිකයින් සහ ලොව පුරා රාජ්‍ය නායකයින් 100 දෙනෙකු ඇතුළු ආරාධිත අමුත්තන් 2200 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චාල්ස් රජුගේ දෙවැනි පුත්, සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුද රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා අමෙරිකාවේ සිට බ්‍රිතාන්‍යට පැමිණ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 04 වැනිදායි.

රජ පවුලේ වර්තමාන භූමිකාව පිළිබිඹු වන පරිදි රාජාභිෂේක මංගල්‍යයේ ඇතැම් අවස්ථා නවීකරණය කර ඇති නමුත්, 1953 වසරේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේදී දක්නට ලැබුණු දිගුකාලීන සම්ප්‍රදායන් මෙවරත් භාවිත වන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේ ය.

බකිංහැම් මාලිගයෙන් ඇරඹෙන විශේෂ පෙරහැරකින් මෙරට වේලාවෙන් පස්වරු 3. 30ට චාල්ස් රජු සහ කැමිලා බිසව වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයට පැමිණීමට නියමිතයි.

ඔවුන්ට සුබ පැතීම සඳහා මේ වන විටත් මග දෙපස විශාල ජනකායක් රැස්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

චාල්ස් රජු සාන්ත එඩ්වඩ්ගේ කිරුළ පැළඳීමට නියමිත අතර ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිණ ද 1953 වසරේදී ඇගේ රාජාභිෂේකය සඳහා එම කිරුලම පැළඳීම විශේෂත්වයකි.

කැමිලා බිසව පැළඳීමට නියමිතව ඇත්තේ මේරි රැජිණගේ කිරුළයි.

රාජාභිෂේකය සැමරෙන සති අන්තයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමාජිකයින් 11,000කට වැඩි පිරිසක් යොදවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ලොව පුරා මාධ්‍ය ආයතන රාජාභිෂේක මංගල්‍යයේ සජීවි විකාශය සඳහා ලන්ඩන් අගනුවරට පැමිණ ඇති අතර ගෝලීය ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් ඒ හරහා රාජාභිෂේකය සජීවීව නරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රධාන රාජාභිෂේක මංගල්‍යයෙන් අනතුරුව හෙට (07) දිනයේ වින්ඩ්සර් මාලිගයේදී සුප්‍රකට තරු රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි.

රාජාභිෂේකයට වෛද්‍ය හරීන්ටත් ඇරයුම්

මේ අතර, චාල්ස් රජුගේ  රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා මහතාට ද ආරාධනා ලැබී තිබේ.

කොවිඩ් වසංගතය කාලයේදී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත.

එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමන ලදි.

තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවත් වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පැවසුවේය.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved