පුවත්

චීනයෙන් දුන් රු. බිලියන 1.8ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අද මෙරටට

Published

on

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද (27) දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය.

මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට මුහුණදීමට සහය ලබාදීමේ අරමුණෙනි.

චංග්ඩු නගරයෙන් ගුවන්ගත වූ මෙම යානා වලින් රැගෙන එන, මෙට්‍රික් ටොන් 28.64ක් බරැති මෙම ඖෂධ තොගයේ වටිනාකම රු. බිලියන 1.8ක්  (යුවාන් මිලියන 35) බව මෙරට චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

මෙම ඖෂධ තොගය අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේදී මෙරට බලධාරීන්ට භාරදීමට නියමිතය.

චීනය විසින් පසුගිය ජුනි හා සැප්තැම්බර් මාස වලදී ද රු. බිලියන 1.2ක් වටිනා ඖෂධ තොග ලබාදී තිබුණි.

Trending

Exit mobile version