පුවත්

චීනයෙන් පොලිස් නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කරයි

Published

on

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත බාර දෙනු ලැබීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version