ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව චීන රජයේ ස්ථාවරය විකෘති කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන නිකුත් කළ ව්‍යාජ ලිපිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙරට චීන තානාපතිවරයා කළ පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.
චීන තානාපතිවරයා විසින් තමාට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී කියා සිටියේය.
මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද? මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශ්ව කවුරුන්ද යන්න සොයා බලන ලෙස චීන තානාපතිවරයා ඉල්ලා ඇත.
මෙරට චීන තානාපතිවරයා විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ලිපියක් ලෙස දක්වා තිබුණි.
කෙසේවුවද, සිය නිල ලිපි ශීර්ෂය යටතේ සමාජ ජාල වල මේ ලිපිය පැතිරයාමත් සමඟ අදාළ ලිපිය ව්‍යාජ එකක් බව කියමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පනිවුඩයක්ද නිකුත් කර තිබිණි.
අදාළ ලිපිය ව්‍යාජ එකක් බව කියමින් චීන තානාපති කාර්යාලය පල කර තිබූ ට්විටර් පනිවුඩය පහත දැක්වේ.