Connect with us

පුවත්

චීන ලොකු ලූනුවලට ලොකු ඉල්ලුමක්; මිලත් අඩුයි

Published

on

ඉන්දියාව ලූනු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කිරීම ආරම්භ කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටිති.

චීන ලූනු ආහාර සැරසිලි කිරීම සඳහා වැඩිවශයෙන් යොදා ගැනීම නිසා ඒවාට ලොකු ඉල්ලුමක් පවතින බවත් වාර්තා වේ.

චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බවද වෙළෙන්දෝ කියා සිටිති.

එසේම, එහි දියර ස්වභාවය වැඩි බවත්, එහි සැර ගතියක් නොමැති බවත් ඔවුහු කියති.

ඉන්දියානු ලොකු ලූනු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ලූනු ආනයනය කිරීම මුලින් සිදු කළ ද මේවන විට චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග පිටකොටුව තොග වෙළෙදසල්වල් ආක්‍රමණය කර ඇතැයි පැවසේ.

පිටකොටුව සිල්ලර වෙළෙඳ පොළේ චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටද, පාකිස්තාන ලොකු ලූනු කිලෝවක් රුපියල් 500 කටද, තුර්කි ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 කටද අලෙවි කෙරේ.

කෙසේවුවද, තුර්කි ලොකු ලූනු ප්‍රමාණයෙන් රතු ලූනු ගෙඩියකට වඩා මදක් විශාල වන අතර, එහි සැර වැඩි නිසා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් ඇතැයි පැවසේ.

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading

පුවත්

අභියාචනාධිකරණ‍යට  නව  සභාපතිවරයෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක්

Published

on

By

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

පුවත්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.10.41 )

දුමින්ද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved