Connect with us

පුවත්

චෞර සභාපති හා චෞර ලේකම් ගැන දයාසිරි කියයි

Published

on

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක චෞර සභාපතිවරයෙක් හා චෞර ලේකම්වරයෙක් ලෙස හදුන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (22) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් යැයි පැවසුවද මෙතෙක් එය මැතිවරණ කොමිසම් සභාව විසින් පිළිගත් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බව එම පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.

එහිදී නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ට දයාසිරි ජයසේකර මහතා විසින් අභියෝගයක්ද ඉදිරිපත් කරමින් පවසා සිටියේ ශ්‍රී.ල.නි.ප.යේ අදාළ තනතුරු දරන බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක් ලබා දී ඇත්නම් එය ප්‍රසිද්ධියේ පෙන්වන ලෙසය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තමන්ව පිළිගත් බවත්, එය තමන්ට ලොකු ශක්තියක් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර මහතා,

”නිමල් සිරිපාල සිල්වා පාර්ශවයේ ඉදගෙන අත උස්සන වතාවක් පාසා මේ පක්ෂය තව තවත් විනාසයට පත්වෙන එක සිද්ධ වෙනව කියන එක මා ඔබට අවධාරණයෙන් කියනවා.ඒ නිසා අපි කියනවා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයා විදියට මම අරගෙන යන මෙම ක්‍රියාදාමයට සහය දෙන්න කියලා මම ඉල්ලනවා.උසාවියෙන් දුන්න තීන්දු අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරලා තියනවා.මැතිවරණ කොමිසමෙන් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධ තීන්දුවක් දෙයි කියලා අපි විශ්වාස කරනවා.මේ ක්‍රියාවලියේ අපි ඉදිරියට යා යුතුයි.අපේ පාක්ෂිකයින්ගේ හා පක්ෂයෙන් මම ඉල්ලනවා කිසිවිටක දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස වෙන්න ඉඩ තියන්නේ නැහැ.අපි පක්ෂය ගොඩ නඟන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා.”

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved