Connect with us

පුවත්

“ඡන්දයක් තිබ්බොත් රට ආපස්සට යනවා”

Published

on

ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ සැණින් පූර්ව මැතිවරණය සමයක් සහ පසු මැතිවරණය සමයක එන හෙයින් වසරක පමණ කාලයක් රටට අහිමි වෙන බව ඔහු පෙන්වා දෙයි.

වැටී තිබුණ රට මේ දක්වා ගොඩගෙන ඇති පසුබිමක රංගේ බණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂයත් එක්වී මේ ගැන සිතා ඔවුන්ගේ පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස තව වසර දෙකක පමණ කාලයක් රට යථා තත්ත්වයට පත්කරගැනීමට කාලය ගැනීම වැදගත් බවයි.

එහෙත් එයට විපක්ෂය කලබල වී සිටින බව මාරසිංහ මහතා ප්‍රකාශ කරයි.

”මැතිවරණයක් තිබ්බොත් වෙන්නේ පූර්ව මැතිවරණ සමයක් එනවා. පසු මැතිවරණ සමයක් එනවා. ආසන්න වශයෙන් අවුරුද්දක කාලයක රට ආප්සට යනවා. ඒක නවත්වාගන්න බැහැ. මැතිවරණයක් කැඳවූ ගමන් රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් වැඩකරන්නේ නැහැ. රටේ යාන්ත්‍රණයම අකර්මන්‍ය වෙනවා. සංවර්ධන කටයුතු සියල්ල ඇනහිටිනවා. මේ ගැන කල්පනා කරලා විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයටත් අනුර දිසානායක මහත්තයටත් පුළුවන් මේ ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් කරලා කාලය දෙන්න. ඒකට විපක්ෂයේ අය කලබල වුණානේ. කවුද මේ රටේ පෙළපාලි ඇවිල්ල ජන්දේ ලබන මාසේ තියන්න කිව්වේ. මුලින් කිව්වේ රනිල්ට මේක කරන්න බැහැ කියල දැන් කියන්නේ රනිල්ට තමයි මේක කරන්න පුළුවන් කියල. බලය නැති කාලේ වගේ නෙවෙයි බලය ලැබුනහම එතුමා වැඩ කරන්නේ කොහොමද කියල දැන් ලෝකයම දකිනවා. ඒකනේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන හොයන්න මෙහෙට එන්නේ. රංගේ බණ්ඩාර මහත්මයා කිව්වේ ඕක.ඔහු ඉදිරිපත් කරන්නේ හොඳ තර්කයක්.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved