Connect with us

පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීමට ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක්

Published

on

වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් නිපදවා තිබේ.

එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කපිලන් බවාන් නමැති මෙම ශිෂ්‍යයා විසින් නිපදවන ලද ඉලෙක්ට්‍රොනික් ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය මගින් ඉතා නිවැරදිව හා ගැටලුවක් නොමැති ආකාරයට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ.

ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයාට කිසිදු අවස්ථාවක ඡන්ද එකකට වඩා වැඩි ගණනක් භාවිත කිරීමට නොහැකි වන ආකාරයට ඇඟිල්ල පාට කිරීමේ සිට තවත් ආරක්ෂණ ක්‍රමවේද කීපයක් මෙම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය මගින්ම සිදු කරනු ලබයි.

එම යන්ත්‍රය නිපදවූ ශිෂ්‍යයාගේ ඉල්ලීම මත විදුහලේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය එම යන්ත්‍රය වවුනියාව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්. අමල්රාජ්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට විදුහලේදී ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙවැනි යන්ත්‍රයක් පාසල් ශිෂ්‍යයකු විසින් නිපදවා ඇති පළමු අවස්ථාව මෙය බවය.

වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ කපිලන් බවාන් සිසුවා විසින් නිපදවන ලද මෙම ඉලෙක්ට්‍රොනික ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය ජාතික මට්ටමින් හඳුන්වා දීමටත්, ඉදිරි මැතිවරණ වලදී එවැනි යන්ත්‍රයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට හැකියාවක් ඇද්දැයි යන්න සොයා බැලීමටත් අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට වවුනියාවේ රාජ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved