වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් නිපදවා තිබේ.
එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කපිලන් බවාන් නමැති මෙම ශිෂ්‍යයා විසින් නිපදවන ලද ඉලෙක්ට්‍රොනික් ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය මගින් ඉතා නිවැරදිව හා ගැටලුවක් නොමැති ආකාරයට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ.
ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයාට කිසිදු අවස්ථාවක ඡන්ද එකකට වඩා වැඩි ගණනක් භාවිත කිරීමට නොහැකි වන ආකාරයට ඇඟිල්ල පාට කිරීමේ සිට තවත් ආරක්ෂණ ක්‍රමවේද කීපයක් මෙම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය මගින්ම සිදු කරනු ලබයි.
එම යන්ත්‍රය නිපදවූ ශිෂ්‍යයාගේ ඉල්ලීම මත විදුහලේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය එම යන්ත්‍රය වවුනියාව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්. අමල්රාජ්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට විදුහලේදී ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙවැනි යන්ත්‍රයක් පාසල් ශිෂ්‍යයකු විසින් නිපදවා ඇති පළමු අවස්ථාව මෙය බවය.
වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ කපිලන් බවාන් සිසුවා විසින් නිපදවන ලද මෙම ඉලෙක්ට්‍රොනික ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය ජාතික මට්ටමින් හඳුන්වා දීමටත්, ඉදිරි මැතිවරණ වලදී එවැනි යන්ත්‍රයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට හැකියාවක් ඇද්දැයි යන්න සොයා බැලීමටත් අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට වවුනියාවේ රාජ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.