පුවත්

ඡන්දෙට ඉදිරිපත් වුණ සියලුම අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6 වනදාට පෙර භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 06 වැනි වගන්තියට අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත මෙම වාර්තාව ලබා දිය යුතුය.

එමෙන්ම පක්ෂය /කණ්ඩායම හා අපේක්ෂකයා වෙනුවෙන් ලබාදුන් දායකත්ව හෝ පරිත්‍යාග ද්‍රව්‍යමය වශයෙන් ලැබුනේ නම් ඒවායෙහි ඇස්තමේන්තු වටිනාකම, අදාළ දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන වග අදාළ වාර්තාවේ සටහන් කළයුතුය.

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් මස 17 වැනිදා සිට ඒ ඒ තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ රාජගිරිය ප්‍රධාන කාර්යාලයයේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

එම වාර්තාවල තොරතුරු අසත්‍ය නම් එය තහවුරු කිරීමට හැකි ලේඛන සහිතව ඕනෑම ඡන්දදායකයෙකුට පොලිසියේ පැමිණිලි කිරීමේ හැකියාව තිබේ.

Trending

Exit mobile version