පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වේ.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.
ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වෙනිදා වන විට බෙදා අවසන් කරන බවය.
මේ වන විට පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර තිබේ.