පුවත්

ඡන්ද දෙකටම අපි සූදානම්

Published

on

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සුදුසු දින දෙකක් යොදාගෙන එම මැතිවරණ පැවැත්විය හැකි බවය.

මේ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතත් ජනාධිපතිවරණයේ කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවන බවද රත්නායක මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී පත්කිරීමට නියමිත වැඩබලන පොලිස්පතිවරයා සමග එම කටයුතු කරගෙන යන බවය.

Trending

Exit mobile version