එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වැනි ඉරිදා නම් කර තිබේ.
අද (28) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ විය.
ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේය.
මේ අතර, මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා පළමුවනදා සහ හතරවනදා යන දිනයන් හිදී සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
තැපැල් ඡන්ද සළකුණු කිරීමේ විශේෂ දින ලෙස හත සහ අට යන දින ක්‍රියාත්මක වන බවද ඒ මහතා ප්‍රකාශ කලේය.