පුවත්

ඡන්ද වියදම් නියාමන පනත 91 ක් මඟහරිති; වැඩි පිරිස විපක්ෂයේ

Published

on

මෑත ඉතිහාසයේ මැතිසබයේ බෙහෙවින් ආන්දෝලනයට ලක්වු පනතක් ලෙස සැලකෙන මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීන් 225 දෙනාගෙන් 91 දෙනකු මැතිසබයට නොපැමිණීම කැපීපෙනෙන සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

මැතිසබා වාර්තා අනුව මැතිසබයට නොපැමිණි මන්ත්‍රීන් බහුතරය විපක්ෂය නියෝජනය කරති. 

නොපැමිණි මැති ඇමැතින් 91 දෙනාගෙන් 67 දෙනෙක්ම විපක්ෂයේ පක්ෂ නියෝජනය කරති. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් හා ඇමැතින් 24ක්ද මෙදින ඡන්ද විමසීමට සහභාගි නොවූහ.

මෙහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීන් තිදෙනාම පනතට විරැද්ධව ඡන්දය දුන් අතර උතුරු නැ‍ෙගනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂවල මන්ත්‍රීන් 13 දෙනාම මෙදින මැතිසබයට නොපැමිණීමද විශේෂයකි.

පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒමට එරෙහිව විපක්ෂය දැඩි සටනක් දියත් කළ නමුත් පනතට ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීන් 67 සභාවේ නොසිටීම විශේෂ කරුණකි.

Trending

Exit mobile version