Connect with us

පුවත්

ජනක 4වැනි තට්ටුවට ගෙනියන්න සැරසෙයි

Published

on

විදුලි බිල සංශෝධනය දින හතළිස් හයක් ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ රුපියල් කෝටි තුන්දහස් දෙසීයක පාඩුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් අය කරගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

2023 ජනවාරි 01 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

එහෙත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක විවිධ හේතු කියමින් එම සංශෝධනය පෙබරවාරි මාසය දක්වා කල් දැමූ බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව 2023 ජනවාර පළමු වැනිදා සිට පෙබරවාරි 15 දක්වා දින හතළිස් හයක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 3200ක පාඩුවක් සිදුවී ඇතැයි කියන විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, එම පාඩුව සිදු කර ඇත්තේ මහජන උපයෝගී කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායකගේ තනි කැමැත්ත මත යැයිද සඳහන් කරයි.

එලෙස විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ පාඩුව කඩිනමින් පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමැතිවරයා සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

ඒ ආණ්ඩුවේ දැනුම් දීම මත එම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් වාර්තා වෙයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරය මේ වන විට පුරප්පාඩු වී පවතින අතර නව සභාපතිවරයකු ව්‍යවස්ථාදායක සභාව විසින් ඉදිරියේදී පත් කිරීමට නියමිතය. ව්‍යවස්ථාදායක සභාව ලබන ජුනි 05 වැනිදා රැස්වීමට නියමිත අතර එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ලබන ජුලි 01 වැනිදා සිදු කිරීමට නියමිත බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව ලබන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයේදී ගෘහස්ථ පාරිභෝගිකයන්ට 23%කින්, ආගමික ස්ථානවලට 23%කින්, හොටෙල් ඇතුළු කර්මාන්ත අංශයට 43%කින් විදුලි බිල අඩු කරන බවද විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved