ජුලි 21දා සිට ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය, වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වීමෙන් පසුව ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරයයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය තුළදී ඉන්දීය ජනාධිපතිවරිය වන ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවීමට නියමිත බවත්, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව එරට අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්ය.
මෙම සංචාරය, “දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරන අතරම ක්ෂේත්‍ර හරහා වැඩිදියුණු කළ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව සඳහා මාර්ග ගවේෂණය කරනු ඇති,” බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.