පුවත්

ජනපති අනුර, ලබන සතියේදී චීන ජනපති හා අගමැති හමුවේ

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14දා – 17දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති – ලී චියංග් හා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති – ජාඕ ලජි යන මහත්වරුන් හමුවීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

මෙම සංචාරය, දෙරට අතර අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Trending

Exit mobile version