පුවත්

ජනපති කසකස්ථාන ජනපති හා සාකච්ඡාවක් කරයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති අතර හමුවක් සිදුවී තිබේ.

ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලීන් ග්ලෝබල්’ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බව වාර්තා වේ.

එහිදී දෙරටේ නායකයින් අතර ද්වී පාර්ශ්වික කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

වෙළෙඳ හා ආයෝජන සබඳතාවල පවතින විභවයන් හඳුනාගැනීම සඳහා රාජ්‍ය මට්ටමින් ඵලදායී පියවර ගැනීමේ අවශ්‍යතාව කසකස්ථාන ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම වීසා රෙගුලාසි ලිහිල් කිරීම සහ දෛනික ගුවන්ගමන් ආරම්භ කිරීමේ වැදගත්කම ද සාකච්ඡා වී තිබේ.

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇස්ථානා ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ලෙස කථකස්ථාන ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි.

Trending

Exit mobile version